/
/
title icon
තෙල් ගන්න QR ක්‍රමවේදය තවදුරටත්
තෙල් ගන්න QR ක්‍රමවේදය තවදුරටත්
News Editor
1 hour ago
Share:
තෙල් ගන්න QR ක්‍රමවේදය තවදුරටත්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත් කිරීමට මේ මොහොතේ සූදානමක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේ ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන සඳහා තවදුරටත් ස්ථාවරත්වයක් නොමැති වීම හේතුවෙන් මෙම පියවර තවදුරටත් ඉදිරියට ගෙන යන බවයි.

QR ක්‍රමවේදය භාවිත කිරීමෙන් ඉන්ධන මෙන්ම ඩොලර් සංචිතයේද පාලනයක් පවතින බව පෙන්වා දුන් ඒ මහතා පැවසුවේ නැවත යුදමය තත්ත්වය උග්‍ර වුවහොත් මෙරට ඉන්ධන පොලිම් ඇතිවීම සහ ඒ තුළින් ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා තවදුරටත් QR ක්‍රමවේදය භාවිත කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම නැවත ඇතිව ඇති යුදමය තත්ත්ව හේතුවෙන් මෙරට ඉන්ධන සැපයුම් ජාලයට කිසිදු බලපෑමක් මේ දක්වා ඇතිව නොමැති බව පෙන්වා දුන් ඒ මහතා ඉන්ධන වෙළෙඳපොළේ මිල ගණන් නැවත ඉහළ යාමක් සිදුවේද යන්න පිළිබඳව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිරන්තර නිරීක්ෂණය කරමින් පවතින බවද සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required