ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් යානා ගමන් වාර තාවකාලිකව නතර කර තිබෙනවා.
ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු නැවතීම නිසා කුවේට්හි නිල ගුවන් සේවය වන 'කුවේට් එයාවේස්' මඟින් ඔවුන්ගේ බොහෝ ගුවන්ගමන් වෙනත් වේලාවන් වෙත වෙනස් කර ඇති බව සඳහන්.
මේ හේතුවෙන් ගුවන් මගීන්ට තම ගුවන් ගමන්වල නවතම තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ගුවන් සමාගම දැනුම් දී තිබෙනවා.