වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 75,321 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව ඊයේ (18) දිනයේදී රෝගීන් 843 දෙනෙකු වාර්තාවී ඇති බව සඳහන්.
ජූලි මස පළමු දින 18 තුළ පමණක් ඩෙංගු රෝගීන් 19,943ක් හඳුනාගෙන ඇති අතර, ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ බස්නාහිර පළාතෙන්.
එම සංඛ්‍යාව 39,667ක්.
දකුණු පළාතෙන් රෝගීන් 11,610ක්, මධ්‍යම පළාතෙන් රෝගීන් 6,325ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 6,305ක් වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කළා.
ජූලි මාසයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,762ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,000ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,280ක් හඳුනාගෙන තිබුණා.
ඩෙංගු වැළඳීමෙන් වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ පුද්ගලයින් 53 දෙනෙකු මිය ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළා.