/
/
title icon
ජූලි මුල් දින 15ට සංචාරකයින් 90,000ක්
ජූලි මුල් දින 15ට සංචාරකයින් 90,000ක්
News Editor
1 day ago
Share:
ජූලි මුල් දින 15ට සංචාරකයින් 90,000ක්

ජුලි මාසයේ මුල් දින 15 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 90,122ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. 

ඔවුන් නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 20,480ක් පැමිණ ඇති අතර, එය දිවයිනට පැමිණි සංචාරකයින් අතරින් සමස්තයක් ලෙස 23%ක අගයක්. 

එමෙන්ම, චීනයෙන් 5,494ක්, එක්සත් රාජධානියෙන් 9,277ක්  සහ ඔස්ට්‍රේලියාවෙන් 5,487ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. 

තවද, 2026 ජනවාරි 01 සිට ජුලි 15 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,236,695ක් ලෙස වාර්තා වී තිබෙනවා. 

ඒ අතරින් ඉන්දියාවෙන් 314,163ක් සහ එක්සත් රාජධානියෙන් 117,844ක් සංචාරකයින් පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කළා.

මේ අතර මේ වසරේ ජනවාරි සිට ජුනි මාසය දක්වා වූ කාලය තුළ සංචාරක ආදායමෙන් මෙරට උපයාගෙන ඇති මුදල රුපියල් බිලියන 475.6ක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required