හෝමාගම - කටුවාන කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නෙන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද උදෑසන 9.50ට පමණ ඇති වූ ගින්න පැය කිහිපයකට පසුව දැඩි පරිශ්‍රමයක් යොදවා පාලනය කෙරුණා.
ගින්න හටගත් අවස්ථාවේ එහි සේවකයින් 80කට අධික පිරිසක් සිට තිබුණා.
ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන තිබූ අතර, පිළිස්සී මියගිය පිරිසගේ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පස්වරුවේ සිදුකෙරුණා.
අනතුරු මියගිය පිරිසගේ සිරුරු කොටස් එම ස්ථානයෙන් රැගෙන යනු ලැබුවා.