/
/
title icon
අධිකරණ ඇමතිට ගෙන ආ විශ්වාසභංගයෙන් විපක්ෂයට අන්ත පරාජයක්
අධිකරණ ඇමතිට ගෙන ආ විශ්වාසභංගයෙන් විපක්ෂයට අන්ත පරාජයක්
News Editor
1 month ago
Share:
අධිකරණ ඇමතිට ගෙන ආ විශ්වාසභංගයෙන් විපක්ෂයට අන්ත පරාජයක්

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී  වැඩි ඡන්දයෙන් පරාජයට පත්වුණා. 

පසුගියදා මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සිද්ධියට අදාළව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙනෙන ලද විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේදී පෙරවරු 11.30 සිට පස්වරු 6.00 දක්වා විවාදයට ගැනුණා. 

අනතුරුව පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 36ක්ද විපක්ෂව ඡන්ද 152ක් හිමිවූ අතර, මේ අනුව විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 116 කින් පරාජයට පත්වුණා. 

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාට එරෙහිව  විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් 2026 ජූලි 21 වන දින කථානායකවරයා වෙත භාරදෙන ලද විශ්වාසභංග යෝජනාව මෙසේ අද දින විවාදයට ගැනුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required