/
/
title icon
ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි
ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි
News Editor
1 hour ago
Share:
ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි

වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,511 දක්වා තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. 

එම ඒකකය පැවසුවේ මේ හේතුවෙන් ගතවූ කාලය තුළ ඩෙංගු මරණ 61ක්ද වාර්තා වී ඇති බවයි.

මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේද මෙම ජූලි මාසයේ වන අතර ඒ අනුව මේ මාසය තුළ ගතවූ දින කිහිපයේදී පමණක් ඩෙංගු රෝගීන් 26,136ක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම පසුගිය ජුනි මාසයේ සහ ජූලි මාසයේ මේ දක්වා පමණක් රෝගීන් 47,670ක් වාර්තා වී ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දී තිබෙනවා. 

ගතවූ කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම ගණන 43,132ක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required