/
/
title icon
මහේන්ද්‍රට සම්මානයක්
මහේන්ද්‍රට සම්මානයක්
News Editor
2 hours ago
Share:
මහේන්ද්‍රට සම්මානයක්

මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට මහේන්ද්‍ර පෙරේරා සමත්ව තිබෙනවා. 

ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබූ‍වේ 'රිවර්ස්ටන්' චිත්‍රපටය වෙනුවෙන් ඉදිරිපත් කළ රංගනයටයි. 

මේ සඳහා බ්‍රෝකන් වොයිසස් චිත්‍රපටිය වෙනුවෙන් යුරායි ලෝයි, ලකි ලූ චිත්‍රපටිය වෙනුවෙන් චන්ග් චෙන්, රිවර්ස්ටන් චිත්‍රපටිය වෙනුවෙන් රන්දික ගුණතිලක සහ ද රෙඩ් හැන්ගර් චිත්‍රපටිය වෙනුවෙන් නිකලාස් සරාතේ යන අය නිර්දේශව සිටියා. 

මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තරය තුළ සම්මානනීය වූ දෙවන අවස්ථාව මෙයවීමත් විශේෂත්වයක්.

මීට පෙර සිංගප්පූරූ අන්තර්ජාතික සිනමා උළෙලේදී ද හොඳම රංගනයට හිමි සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවා. 

මේ අතර ප්‍රියන්ත සිරිකුමාර 'රිවර්ස්ටන්' චිත්‍රපටිය සඳහා හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනාගත්තා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required