අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුද ගැටුම් නැවැත්වීමෙන් පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි අඩුවීමක් වාර්තා වනවා.
ඒ අනුව බොරතෙල් මිල ගණන් 5%කින් පමණ පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ අනුව WTI බොරතෙල් බැරලයක මිල 5.21%කින් පහළ ගොස් ඇති අතර එහි මිල අමෙරිකානු ඩොලර් 84.66ක් ලෙස සටහන්ව තිබෙනවා.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 4.92%කින් අඩුවී ඇති අතර එහි මිල ලෙස සටහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර් 92.02ක්.