/
/
title icon
මන්ත්‍රී චමින්දට වසර එකහමාරක සිරදඬුවම්
මන්ත්‍රී චමින්දට වසර එකහමාරක සිරදඬුවම්
News Editor
1 hour ago
Share:
මන්ත්‍රී චමින්දට වසර එකහමාරක සිරදඬුවම්

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය එල්ලකිරීමේ චෝදනාවලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට වසර එක හමාරක සිරදඬුවමක් නියම කෙරුණා. 

ඒ, ඊට අදාළ නඩුව අද බදුල්ල මහාධිකරණයේදී කැඳවීමෙන් අනතුරුවයි.

අයුතු අවහිරය, පහරදී, තුවාල සිදුකිරීම, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කිරීම සහ තුවාල සිදුකිරීම යන චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, ඔහුගේ රියදුරා සහ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණයේ නඩු පවරා තිබුණා.

ඒ අනුව චමින්ද විජේසිරි සහ රියදුරු බන්දුල රත්නායක යන විත්තිකරුවන් දෙදෙනා චෝදනා 4කට, ඇමති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක චෝදනා 3කටත් වැරදිකරු බවට මීට පෙර අධිකරණය තීරණය කළා. 

ඒ අනුවයි අද දිනයේදී ඊට අදාළ දඬුවම් ප්‍රකාශයට පත්කෙරුණේ. 
කෙසේ වෙතත්, රියදුරු බන්දුල රත්නායක මියගොස් ඇති බව මෙහිදී සඳහන් කෙරුණා. 

2019 වසරේ පෙබරවාරි 10 වනදා හෝ ඒ ආසන්න දිනක බණ්ඩාරවෙල  නගරයේ වටරවුම අසලදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී, ඔහුගේ ජීප් රථය පොලිස් ජීප් රථයක් විසින් ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් ඇතිවූ බව කියන බහින්බස්වීමක් මෙම සිද්ධියට මුල්වී ඇති බව නඩු විභාගයේදී අනාවරණය වුණා. 

තමන් පසු කරගෙන ගිය පොලිස් ජීප් රථයේ මඟහරස් කළ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස, එහි සිටි නිලධාරීන්ට මරණීය තර්ජනය කර පහරදී තුවාල සිදුකර ඇති බවද පැමිණිල්ල විසින් චෝදනා කර තිබුණි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required