ඉරානය සමග ඉතා මිත්‍රශීලී සාකච්ඡා සිදුවෙමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
යුද්ධය අවසන් කිරීම සඳහා සුබවාදී අවස්ථාවක් පවතින බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් ඉරානය පවසන්නේ තමන් අමෙරිකාව සමග සෘජු සාකච්ඡා කිසිවක් සිදුකර නොමැති බවයි.
අඛණ්ඩව තෙවන දිනටත් ඊයේ දිනයේදීද ඉරානය සහ අමෙරිකාව අතර යුධ ගැටුම් සිදු නොවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පසුගිය සිකුරාදා ඉරානයට එරෙහිව එල්ල කරන ප්‍රහාර නතර කිරීමට තීරණය කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ අතර ඉරානයද මේ වනවිට සිය ප්‍රහාර නතර කර තිබෙනවා.