/
/
title icon
ඩෙංගු රෝගීන් 83,661ක් - මරණ 61ක්
ඩෙංගු රෝගීන් 83,661ක් - මරණ 61ක්
News Editor
6 hours ago
Share:
ඩෙංගු රෝගීන් 83,661ක් - මරණ 61ක්

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට 83,661ක් ලෙස වාර්තා වනවා.
එමෙන්ම ඩෙංගු වැළඳී පුද්ගලයින් 61 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ. 

මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 17,779ක්.

දෙවැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම රෝගීන් සංඛ්‍යාව 16,665ක් වනවා. 

මේ අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති පළාත් ලෙස බස්නාහිර පළාත තවදුරටත් පවතින අතර ඒ අනුව වසරේ මේ දක්වා බස්නාහිර පළාතෙන් වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 44,359ක් ලෙස සටහන් වී තිබෙනවා. 

දෙවැනියට දකුණු පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ඒ අනුව එම පළාතෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 12,586ක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required