මහර බන්ධනාගරයේ අද පස්වරුවේ නොසන්සුන්තාවක් හටගෙන තිබූ අතර, එහිදී ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් තිබෙනවා.
එම ගැටුමෙන් තුවාල ලැබූ හත් දෙනෙකු රාගම රෝහලට ඇති කිරීමටයි පියවර ගැනුණේ.
ඉන් රැඳවියෙකු මියගොස් ඇති බව රාගම ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
බන්ධනාගරයේ රැඳවියන් අතර අද පස්වරුවේ ඇති වූ මෙම ගැටුම මේ වනවිට පාලනය කර ඇති බැවින් ඒ අවට සිටින ජනතාවට ඉන් ඉවත්ව යන ලෙසට පොලීසිය ඉල්ලීමක් ද සිදු කර තිබෙනවා.
කෙසේවෙතත් රැඳවියන් බැලීමට පැමිණි ඥාතීන් මේ වනවිටත් ඒ අවට රැඳී සිටිනවා.