/
/
title icon
රුමේෂ් තරංගට රන් පදක්කමක්
රුමේෂ් තරංගට රන් පදක්කමක්
News Editor
6 hours ago
Share:
රුමේෂ් තරංගට රන් පදක්කමක්

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ සමත් වුණා.

ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය මෙරට වේලාවෙන් අද (01) උදෑසන අවසන් වුණා.

මෙහිදී රුමේෂ් සිය දෙවන උත්සාහයේදී මීටර් 89.75ක දුරක් විසිකරමින් මෙම සුවිශේෂී රන් පදක්කම මව්බිමට දිනා දුන්නා.

මෙය පොදු රාජ්‍ය මණ්ඩලයී ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව දිනූ 6වැනි රන් පදක්කම වන අතර, 2006 වසරේ දී බර ඉසීලීමේ ක්‍රීඩක චින්තන විදානගේ දිනූ රන් පදක්කමෙන් වසර 20කට පසු දිනූ එකම රන් පදක්කමද වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required