ඉරාන නායකත්වයේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Truth Social සටහනක් තබා තිබෙනවා.
එමගින් ඔහු පවසා ඇත්තේ, ඉරානයට දැන් ඉතිරි වී ඇත්තේ ගිවිසුමකට පැමිණීම හෝ සම්පූර්ණ යටත් වීම යන විකල්ප දෙක පමණක් බවයි.
Truth Social සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, සාකච්ඡා සඳහා ඉල්ලා සිටින ඉරානය පසුව කිසිදු සාකච්ඡාවක නොයෙදෙන බව ප්‍රකාශ කරමින් ඕමානය සමඟ පමණක් ගනුදෙනු කරන බවට පවසන බවයි.
එසේම, හෝමුස් සමුද්‍ර සන්ධිය තමන් විසින් බලවත් ලෙස පාලනය කරන බව ඉරානය පැවසුවද, එය දැනටමත් එක්සත් ජනපද නාවික හමුදාවේ සහ දැඩි මුහුදු අවහිරයක පාලනය යටතේ පවතින බව ඔහු අවධාරණය කරනවා.