/
/
title icon
පැතුම් සහ චමරි වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයින් වෙයි
පැතුම් සහ චමරි වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයින් වෙයි
News Editor
1 hour ago
Share:
පැතුම් සහ චමරි වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයින් වෙයි

2025 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ආරම්භක පිතිකිකරු පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී සම්මානයට පාත්‍ර වුණා. 

එමෙන්ම මෙහිදී වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සම්මානයෙන් පිදුම් ලැබුවා.

මේ අතර 2025 වසරේ හොඳම ටෙස්ට් පිතිකරු ලෙසත් පැතුම් නිස්සංක සම්මාන දිනාගන්දී, ප්‍රභාත් ජයසූරිය හොඳම ටෙස්ට් පන්දු යවන්නාට හිමි සම්මානය දිනාගත්තා. 

එමෙන්ම ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා හොඳම තුන්ඉරියව් ටෙස්ට් ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලැබුවා. 

මේ අතර 2025 වසරේ එක්දින හොඳම පන්දු යවන්නා ලෙස අසිත ප්‍රනාන්දු, හොඳම පිතිකරු ලෙස චරිත් අසලංක සහ හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංග සම්මානලාභීන් අතරට එක්වුණා. 

දුෂ්මන්ත චමීර 2025 වසරේ විස්සයි20 හොඳම පන්දු යවන්නා ලෙස සම්මාන හිමිකරගත් අතර, පැතුම් නිස්සංක එම අංශයේද හොඳම පිතිකරු ලෙසත් දසුන් ශානක එහි හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස  සම්මාන දිනාගත්තා. 

2025 වසරේ හොඳම එක්දින පන්දු යවන්නිය හා තුන්ඉරියව් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මාන ලැබූ අතර, එම අංශයේ හොඳම පිතිකාරිනිය හර්ෂිතා සමරවික්‍රම සම්මාන ලැබුවා. 

මේ අතර 2025 වසරේ විස්සයි20 හොඳම පන්දු යවන්නියට හිමි සම්මානය කවිෂා දිල්හාරී හිමිකර ගත් අතර, චමරි අතපත්තු හොඳම පිතිකාරිය හා තුන්ඉරියව් ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්යේ.

මෙම සම්මාන උළෙලේ දී 2025 වසරේ නැගීඑන ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස පිළිවෙලින් කමිල් මිෂාර හා ඉමේෂා දූලානි ඇගයීමට ලක්වූහ.

 


 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required