/
/
title icon
ග්‍රාම නිලධාරීන් වර්ජනයකට සැරසේ
ග්‍රාම නිලධාරීන් වර්ජනයකට සැරසේ
News Editor
4 hours ago
Share:
ග්‍රාම නිලධාරීන් වර්ජනයකට සැරසේ

ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරින් හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා දමා සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර තිබෙනවා.

කොළඹ අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සභාපති නන්දන රණසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

ග්‍රාම නිලධාරීන් සඳහා දෙනු ලබන රුපියල් 600ක ගමන් වියදම් දීමනාව වසර 8ක් පුරාවට වැඩි නොකර ඇති බව ඔහු අවධාරණය කර සිටියා.

2024 වසරේදී අදාළ දීමනාව වෙනුවට ඉන්ධන ලීටර් 20කට සමාන දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

කෙසේ වෙතත් මේ දක්වා එය ලබා නොදීමට විරෝධය පළ කරමින්  හෙට (10) සහ අනිද්දා (11) අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයට වාර්තා නොකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව නන්දන රණසිංහ මහතා පැවසුවා.

ඒ අනුව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය දිවයින පුරා ක්‍රියාත්මක වනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required