කොටහේන පොලිස් වසමේ මාලිගාවත්ත - ශ්‍රී සංඝරාජ මාවතේ අද දහවල් සිදුවූ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දැනට ප්‍රංශයේ රැඳී සිටින “කුඩු අංජු” නමැත්තා විසින් මෙහෙයවා ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
මෙම වෙඩි තැබීමෙන් 54 හැවිරිදි මොහොමඩ් අස්මින් මොහිදීන් නමැති පුද්ගලයා ජීවිතක්ෂයට පත්වුණා.
කොළඹ 10, ශ්‍රී සංඝරාජ මාවතේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක හිමිකරුවෙකු ඉලක්ක කර ගනිමින් අද දහවල් 1.20ට පමණ වෙඩි තැබීමක් සිදුකර තිබුණා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවද පොලීසිය පවසනවා.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ඔහු මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “කංජිපානි ඉම්රාන්” නමැත්තාගේ සමීපතම ඥාතියෙකු බව පොලීසිය සඳහන් කරනවා.
පොලීසිය සැක පළ කරන්නේ, “කුඩු අංජු” නමැත්තාගේ සමීපතමයෙකු පසුගියදා රත්මලාන ප්‍රදේශයේදී ඝාතනය කිරීමේ සිද්ධියකට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි.