/
/
title icon
පොහොට්ටු මහලේකම් සාගරට ඇප
පොහොට්ටු මහලේකම් සාගරට ඇප
News Editor
12 hours ago
Share:
පොහොට්ටු මහලේකම් සාගරට ඇප

පසුගිය අගෝස්තු 03 වනදා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්  සාගර කාරියවසම් මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

අදාළ විමර්ශනය සම්බන්ධයෙන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර, ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සාගර කාරියවසම් මහතාට අද (10) පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා.

ඒ අනුව අද පෙරවරුවේ එම කාර්යාංශයට පැමිණි සාගර කාරියවසම් මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනුණා.

අනතුරුව ඔහු අද පස්වරුවේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළා.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමටයි කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග කරනු ලැබුවේ.

මෙම නීතිකෘතියේ දී දෙපාර්ශ්වයේ කරුණු ඉදිරිපත් කිරීම අද පස්වරු 4.30ට අවසන් වීමෙන් අනතුරුව, ඇප නියෝගය ප්‍රකාශයට පත්කිරීම මහේස්ත්‍රාත්වරයා විසින් කල්තබනු ලැබුවා.

ඒ අනුව පැය තුනකට ආසන්න කාලයකට පසුව දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පිටු 17කින් සමන්විත ඇප නියෝගය ප්‍රකාශයට පත් කළා.

එහිදි මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත හා විදෙස් ගමන් තහනමක්ද සාගර කාරියවසම් මහතාට පනවනු ලැබුවා.

ඇප කොන්දේසි සම්පුර්ණ කිරීමෙන් අනතුරුව සාගර කාරියවසම් මහතාව මුදාහැරීමට අධිකරණය නියෝගය කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required