/
/
title icon
මහා පරිමාණ මත් ජාවාරම්කරු ශිරාන් බාසික් දිවයිනට
මහා පරිමාණ මත් ජාවාරම්කරු ශිරාන් බාසික් දිවයිනට
News Editor
1 hour ago
Share:
මහා පරිමාණ මත් ජාවාරම්කරු ශිරාන් බාසික් දිවයිනට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නැමැත්තා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කටයුතු කර තිබෙනවා.

ඒ, ඔහුව ඩුබායිහී සිට ඊයේ (14) මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුවයි.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට පැවසෙන ශිරාන් බාසික් නැමැත්තා ඉකුත් මාර්තු මාසයේදී ඩුබායිහීදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඊයේ මෙරටට පිටුවහල් කෙරුණා.

ඒ අනුව කටුනායක ගුවන්තොටුපළේදී ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවවට ගනු ලැබුවා.

එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, තමා ඩුබායිහී පිහිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයක සිටියදී එරට පොලිසිය විසින් තමන්ව පරීක්ෂා කළ බවයි.

ඒ ඩුබායි රාජ්‍යයට ඉරානයෙන් අඛණ්ඩව ප්‍රහාර එල්ල කෙරෙමින් තිබූ කාලවකවානුවකදී බව ඔහු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබෙනවා.

අනතුරුව තමන්ගේ දුරකථනය එරට පොලිසිය විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි තිබී ඉරානය විසින් ඩුබායි රාජ්‍යයට එල්ල කළ ප්‍රහාරවල රූපරාමු හමුවීමත් සමග තමන්ව අත්අඩංගුවට ගත් බව ඔහු වැඩිදුරටත් පවසා ඇතැයි සඳහන්. 

අනතුරුව ඊයේ මෙරටට පිටුවහල් කරන තුරුම දිනපතා තමන්ගෙන් ඩුබායි පොලිසියේ නිලධාරීන් ඉරාන සබඳතා පිළිබඳව ප්‍රශ්න කළ බව ද ඔහු එහිදී පවසා තිබුණා.

පසුව තමන්ටම ශ්‍රී ලංකාවට යෑම සඳහා ගුවන් ටිකට්පතක් මිලදීගන්නා ලෙස එරට බලධාරීන් පැවසූ බවත්, ඉන්පසුව මෙරටට පිටුවහල් කළ බවත් ඔහු පවසා තිබෙනවා.

ඔහුට පැවැති මත්ද්‍රව්‍ය චෝදනා නඩුවකින් අනතුරුව මෙරට පොලිසිය ලබාගෙන තිබූ රතු නිවේදනය ද ඉවත්වී ඇති අතර නැවත වරක් මෙරට පොලිසිය රතු නිවේදනයක් ලබාගැනීමට සූදානම්වන විටදීයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු නීත්‍යානුකූල ලෙස 2018 වසරේ ජූනි මස 02 වැනිදා මෙරටින් ඩුබායි රාජ්‍යවෙත ගොස් තිබෙනවා.

එහිදී ඔහු අධි සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇති අතර මහා පරිමාණ ව්‍යාපාර දෙකක්ද එරට තුළදී සිදුකර ඇතැයි සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required