/
/
title icon
ග්‍රාම නිලධාරීන් සෙනසුරාදා වැඩවරයි
ග්‍රාම නිලධාරීන් සෙනසුරාදා වැඩවරයි
News Editor
2 hours ago
Share:
ග්‍රාම නිලධාරීන් සෙනසුරාදා වැඩවරයි

ග්‍රාම නිලධාරීන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය සඳහා විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වීම හේතුවෙන් අද සිට සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් නෙවිල් විජේරත්න මහතා පැවසුවේ ඒ අනුව නැවත දැනුම්දෙනතුරු සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත්වීමට ග්‍රාම නිලධාරීන් තීරණය කළ බවයි.

ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම, උපාදිය අවම සුදුසුකම බවට පත් කිරීම, ග්‍රාම නිලධාරීන්ගේ දීමනා ඇතුළත් ගම්මන්පිල කමිටුව විසින් නිර්දේශ කරන ලද කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද දීමනා ලබා ගැනීම, සෙනසුරාදා ඇතුළු රජයේ නිවාඩු දිනවල සිදුකරන සේවය වෙනුවෙන් දිනක වැටුප ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් ග්‍රාම නිලධාරීන් විසින් පසුගිය 10 සහ 11 යන දෙදින තුළ අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටියා.

කෙසේ වෙතත්, ඊට රජය විසින් කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් සහ ඉල්ලීම් වෙනුවෙන් සාධනීය විසඳුමක් ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත් වීමට ග්‍රාම නිලධාරීන් තීරණය කළ බව ඒ මහතා අද පැවසුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required