ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අද ඇරඹුණු පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගැනීමට දකුණත් දඟපන්දු යවන්නෙකු වන කේශර නුවත්ත සමත් වුණා.
ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වය සඳහා කමිඳු මෙන්ඩිස් නම් කර තිබෙනවා.
එමෙන්ම කුසල් මෙන්ඩිස් වෙනුවට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල නැවතත් සංචිතයට කැඳවා ඇති අතර, ඔහු පසුගිය 2023 වසරේ මාර්තු මාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයෙන් පසුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කර තිබුණේ නැහැ.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම අද පස්වරුවේ වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වනවිට කඩුළු දෙකක් දැවී ලකුණු 239ක් ලබා සිටියා.