/
/
title icon
මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය හෙට සිට
මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය හෙට සිට
News Editor
22 hours ago
Share:
මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය හෙට සිට

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර හෙට (18) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ. 

ඒ අනුව පෙරහර ගමන් කරන කාලය තුළ රථවාහන ධාවනය සඳහා විකල්ප මාර්ග හඳුන්වා දී තිබෙනවා.

2026 අගෝස්තු 18 වනදා ආරම්භ වන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 28 වනදා දක්වා වීථි සංචාරය කිරීමට නියමිතයි.

පොලීසිය සඳහන් කළේ, පෙරහැර කාලසීමාව තුළ මාර්ග බාධක යෙදවීම, ආරක්ෂක රාජකාරි, රථවාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරකයින්ට මාර්ගෝපදේශ ලබාදීම සහ රථවාහන ගාල් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි.

හෙට පැවැත්වෙන පළමු කුඹල් පෙරහර රාත්‍රී 6.52ට ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ වී දළදා වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත ශ්‍රී දළදා මාළිගාවට ගෙවැදීමට නියමිතව තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required