22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) බහුතර බලයට අමතරව ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත්, ඒ අනුව කටයුතු කිරීමට රජය සූදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ජනහමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, ලබන සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මාසය වන විට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දුව අනුව පාර්ලිමේන්තු බහුතරය හෝ ජනමත විචාරණය යන ඕනෑම තීරණයකට මුහුණදීමට කටයුතු කරන බවයි.