මෙරට ගීත කෙතේ යතිවර ලකුණ සුපෝෂණය කරමින් මෙරට ගීත කලාවට මියුරු පදවැල් දායාද කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් අද දැයෙන් සමුගත්තා.
උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද සිදුකෙරුණේ දෙහිවල ශ්‍රී සරණංකර ක්‍රීඩාංගණයෙදීයි.
බුදු වදනින් දෙසූ ලෝ සනාතන දහම මියුරු ගී වැලට පෙරළා සුවහසක් සිත් සනහාලූ අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය මහජන ගෞරවය සඳහා වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ ඉකුත් බදාදා පස්වරුවේ තැන්පත් කළා.
උන්වහන්සේට අවසන් බුහුමන් පිදීම සඳහා ගිහි පැවිදි විශාල පිරිසක් එම විහාරස්ථානයට පසුගිය දින කිහිපයේ පැමිණියා.
වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ තැන්පත්කර තිබූ උන්වහන්සේගේ දේහය දෙහිවල ශ්‍රී සරණංකර ක්‍රීඩා පිටියට අද පස්වරුවේ වැඩම කරවීමෙන් අනතුරුව ආදාහන පූජොත්සව සභාව ඇරඹුණා.