/
/
title icon
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෙට දිවයින පුරා වැඩ වැරුමක
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෙට දිවයින පුරා වැඩ වැරුමක
News Editor
3 hours ago
Share:
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෙට දිවයින පුරා වැඩ වැරුමක

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය හෙට (24) පෙරවරු 8.00 සිට දීපව්‍යාප්ත දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිසීමට තීරණය කර තිබෙනවා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සෞඛ්‍ය කාර්යාලයේ සිදුවන අනීතික ක්‍රියාවලට එරෙහි වීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.එච්. මිගස්දෙනිය මහතා ස්ථානමාරු කිරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමු වන බව ඔවුන් දැනුම් දුන්නා. 

මෙම ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර බලධාරීන් දැනුවත් කළද, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙතෙක් කිසිදු විසඳුමක් ලබාදීමට කටයුතු කර නොමැති බව එම සංගමය පවසනවා.

ඒ අනුව, සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයට අනුව හෙට සිට ක්‍රියාත්මක වන පරිදි,

දිවයින පුරා සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරිපාලනය වෙත ලබාදෙන සියලු ආකාරයේ දත්ත සහ වාර්තා සැපයීම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම.

සියලු ආකාරයේ දත්ත පද්ධති යථාවත් කිරීම (Data systems updating) අත්හිටුවීම.

මෙම කාලසීමාව තුළ නොලැබී යන කිසිදු දත්තයක් නැවත කිසිදිනෙක දත්ත පද්ධති වෙත යථාවත් නොකරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැඩිව අවධාරණය කර සිටිනවා.

එමෙන්ම, බී.එච්. මිගස්දෙනිය මහතාගේ අත්තනෝමතික ස්ථානමාරුව වහාම අවලංගු කර, ඒ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required