මේ වනවිට දිවයිනේ පළාත් කිහිපයකට බලපා ඇති වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 84,000කට අධික පිරිසකට බලපෑම් එල්ල වී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ දිස්ත්‍රික් 7ක පවුල් 26,457කට අයත් පුද්ගලයින් 84,545 දෙනෙකු වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි.
මේ අතර දිස්ත්‍රික් 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක පවුල් 24, 144කට අයත් පුද්ගලයින් 75,734 දෙනෙකු සඳහා පානීය ජලය බෙදාදීමේ කටයුතුද මේ වන විට සිදුකෙරෙමින් පවතිනවා.