නේපාලයේ ඇති වූ ගංවතුරෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 579ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
මෙලෙස අතුරුදන් වූ පිරිසෙන් 466 දෙනෙකු විදෙස් ජාතිකයින් වන අතර, රටවල් 28කට අයත් විදෙස් ජාතිකයින් ඒ අතර සිටින බව සඳහන්.
එමෙන්ම අතුරුදන් වූ සංචාරකයින්ගෙන් 113ක් නේපාල ජාතිකයන් වන අතර, අමෙරිකානු ජාතිකයින් 54ක් හා බ්‍රිතාන්‍ය ජාතිකයින් 33ක් ද ඒ අතර සිටින බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ මෙම ගංවතුර හේතුවෙන් මේ වනවිට 95දෙනෙකු මියගොස් ඇති බවයි.
දේශසීමාව ආසන්නයෙන් ගලායන බෝත්කොෂි ගංගාව ඔස්සේ හිම දියවීම හේතුවෙන් ඇති වූ විශාල ජල ප්‍රමාණයක් එකවර ගලාඒම හේතුවෙන් මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇතිව තිබෙනවා.
ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පාවක් සමග හිම තට්ටු කඩා වැටී මෙලෙස හදිසි හිම දියවී යාමට හේතු වී ඇති බවට විශ්වාසය පළ කෙරෙනවා.