/
/
title icon
පෙට්‍රල් මිල බසී
පෙට්‍රල් මිල බසී
News Editor
1 month ago
Share:
පෙට්‍රල් මිල බසී

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල පහළ දැමීමට ඛණිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව රුපියල් 414ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 399ක්.

එමෙන්ම රුපියල් 495ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 475ක් ලෙස සටහන් වනවා.

කෙසේ වෙතත්, ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් සංශෝධනයක් නොවන බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required