ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා හෙට (01) දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබෙනවා.
මෙම පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්ද නම් කළා.
ඒ අනුව එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා කටයුතු කරනු ලබනවා.
අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන සෙසු විනිසුරුවරු එම විනිසුරු මඩුල්ල නියෝජනය කරන සෙසු සාමාජිකයන් වනවා.