පයාගල - නයිමුල්ල - පඹය ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන "පානදුර නිලංග" නැමැත්තාගේ මස්සිනා වන "ඩිලා" නැමැත්තා බවයි වාර්තා වන්නේ.
පොලිසිය සඳහන් කළේ ගිනි අවියක් භාවිත කරමින් අද රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශිත හෙවත් "කුඩු සලිඳු"ගේ පාර්ශ්වය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට දැනට තොරතුරු වාර්තා වනවා.