/
/
title icon
රවී කරුණානායකට ඇප
රවී කරුණානායකට ඇප
News Editor
10 hours ago
Share:
රවී කරුණානායකට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා නියෝග කළා.

ඔහු අත්අඩංගුවට ගැනුණේ සැකකරු මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ජාතික ලොතරැයි මණ්ඩලයට බඳවාගත් නිලධාරීන් තිදෙනෙකු එම ආයතනයේ සේවයේ නොයොදවා සිය පෞද්ගලික කාර්යය මණ්ඩලයේ සේවයට යොදා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළවයි.

මෙහිදී රවී කරුණානායකගේ නීතිඥවරයා ඉල්ලා සිටියේ ඕනෑම කොන්දේසියක් යටතේ තම සේවාදායකයා ඇපමත මුදාහරින ලෙසයි.

ඒ අනුව දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා සැකකාර රවී කරුණානායක රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමට නියෝග කළා.

ඒ විදේශ ගමන් තහනමක් ද පනවමින්.

මෙම නඩුව නොවැම්බර් 03 වනදා යළි කැඳවීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required