/
/
title icon
හිටපු ඇමති පියංකරට වසර හතක සිරදඬුවම්
හිටපු ඇමති පියංකරට වසර හතක සිරදඬුවම්
News Editor
12 hours ago
Share:
හිටපු ඇමති පියංකරට වසර හතක සිරදඬුවම්

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ දුෂණ චෝදනාව යටතේ වරදකරු කෙරුණු හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

2014 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින පෙළපාළියට සහභාගි වූ දේශපාලන ආධාරකරුවන්ට ආහාර ලබාදීම සඳහා ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ ගිණුමෙන් මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් එවකට සිවිල් ගුවන්සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණ හමුවේ අධිචෝදනා ගොනුකළා.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා හමුවේ සිදුකෙරුණු දීර්ඝ නඩු විභාගයකින් පසු එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද (01) දිනට දින නියමකර තිබුණා.

රාජ්‍ය සමාගමක් වන ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ ගිණුමෙන් අදාළ සංග්‍රහ කටයුතු සඳහා මාරවිල පිහිටි පෞද්ගලික කේටර්ස් ආයතනයට රුපියල් තුන්ලක්ෂ තිස්දහසක මුදලක් ගෙවා ඇති බවට චෝදනාවල සඳහන්.

එහිදී අදාළ මුදල් ගෙවීම සඳහා එවකට සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයාව සිටි පියංකර ජයරත්න මහතා ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ විධායක නිලධාරියා පොළබවා ඇති බවට අධිචෝදනාවල සඳහන් වී තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required