/
/
title icon
22 ගැන පෙත්සම් විභාගය අවසන් - රහසිගත නිගමනය කථානායකට
22 ගැන පෙත්සම් විභාගය අවසන් - රහසිගත නිගමනය කථානායකට
News Editor
9 hours ago
Share:
22 ගැන පෙත්සම් විභාගය අවසන් - රහසිගත නිගමනය කථානායකට

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව අද සඳහන් කළා.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම්, එම පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ගොනුකළ පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙම පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා හෙට (3) දින ප.ව. 3ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල මෙහිදී පාර්ශ්වකරුවන්ට නියම කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required