/
/
title icon
පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ - වැඩිම ලකුණු කුරුණෑගලින්
පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ - වැඩිම ලකුණු කුරුණෑගලින්
News Editor
10 hours ago
Share:
පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ - වැඩිම ලකුණු කුරුණෑගලින්

2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk වෙත පිවිස ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබාගත හැකියි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය ඉකුත් අගෝස්තු 9 වැනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්විණා.

ඒ සඳහා සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723ක් ලෙස සිසුන් 294,089 දෙනෙකු පෙනී සිටියා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව සිංහල මාධ්‍යයේ වැඩිම ලකුණ 193ක් ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් අද (02) පස්වරුවේ විභාග දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය මේ බව සඳහන් කළා.

එමෙන්ම දෙමළ මාධ්‍ය වැඩිම ලකුණු 188, යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

මෙවර විභාගට විශේෂ අවස්ථා සහිත සිසුසිසුවියන් 1,018ක් පෙනී සිට ඇති අතර බේල් මාධ්‍යයෙන් දරුවන් 18 දෙනෙකෙු පෙනී සිටි බව විභාග කොමසාරිස්වරිය පැවසුවා.

එමෙන්ම මෙවර කඩයිම් ලකුණු වන්නේ 139 වන අතර ප්‍රතිඵල අනුව සිසුන් 56,000ක් කඩඉම් ලකුණට වඩා ඉහළ ලකුණු ලබාගැනීමට සමත්ව ඇති බව ඇය සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required