සියලුම රජයේ පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර හෙට (07) දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
මෙම පාසල් වාරය දෙසැම්බර් මස 04 වැනි සිකුරාදා දින අවසන් වීමට නියමිතයි.
මේ අතර, 2026 - අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 08 වන දින සිට දෙසැම්බර් 17 වන දින දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.