/
/
title icon
හෙල්ලයෙන් ඩයමන්ඩ් ලීග් ශූරතාව රුමේෂ්ට
හෙල්ලයෙන් ඩයමන්ඩ් ලීග් ශූරතාව රුමේෂ්ට
News Editor
1 hour ago
Share:
හෙල්ලයෙන් ඩයමන්ඩ් ලීග් ශූරතාව රුමේෂ්ට

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත් වුණා.

ඒ අනුව ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයක් ජයගත් පළමු හා එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස රුමේෂ් තරංග වාර්තා අතරට එක්වනවා.

මෙරට වේලාවෙන් අද (06) අලුයම අවසන් වූ මෙම තරගයේදී ඔහු මීටර් 89.04ක දුරක් විසි කරමින් මෙම දක්ශතාව දැක්වූවා.

මෙහිදී රුමේෂ්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ පෝලන්තයේ ඩේවිඩ් වෙග්නර් දෙවන ස්ථානය දිනා ගත් අතර ඔහු මීටර් 87.47ක දුරක් විසි කළා.

එමෙන්ම තෙවන ස්ථානය මීටර් 83.99ක දුරක් විසිකළ ට්‍රිනිඩැඩ් ඇන්ඩ් ටොබැගෝ රාජ්‍යයේ කෙෂූ වෝල්කට්ට හිමි වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required