/
/
title icon
ඉන්දියාව සමග ගිවිසුම් 03ක්
ඉන්දියාව සමග ගිවිසුම් 03ක්
News Editor
3 hours ago
Share:
ඉන්දියාව සමග ගිවිසුම් 03ක්

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂ අමාත්‍ය අමාත්‍ය රාජ්නාත් සිං මහතා සමග ගිවිසුම් තුනකට හෙට (09) දිනයේදී අත්සන් තැබෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අද (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව මෙරට ශිෂ්‍යභට කණ්ඩායම් සහ ඉන්දියනු ශිෂ්‍යභට කණ්ඩායම් අතර ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම, ජාතික ආරක්ෂක විද්‍යාලය සහ ඉන්දියාවේ ආරක්ෂක විධ්‍යාපීඨය අතර අවබෝධා ගිවිසුම සහ ඉන්දියානු රජය විසින් පසුගිය කාලයේ මෙරටට ලබා දුන් ගුවන් ආරක්ෂක අවි නොමිලයේම නඩත්තු කර දීම සඳහා වූ ගිවිසුම් තුනක් සඳහා හෙට දිනයේදී අත්සන් තැබෙනු ඇති බවද අමාත්‍යවරයා පැවසුවා.

දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අද පස්වරුවේ ඉන්දීය ප්‍රජාව මුණ ගැසීමට නියමිත බවත් හෙට දිනයේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරිය මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු හමුවීමට නියමිත බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required