ඉදිරි කාර්තුව සඳහා විදුලි මිල ඉහළ දැමීම සඳහා ඉල්ලීමක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා.
පසුගිය කාලයේදී වැඩි වර්ෂාපතනයක් ලැබුණු බැවින් විදුලි ජනනය සඳහා වැය වන වියදම යම් ප්‍රමාණයකට පාලනය කර ගැනීමට හැකියාව ලැබුණු බවයි අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.
මේ හේතුවෙන් ඉදිරි කාර්තුව සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීමක් අවශ්‍ය නොවන බව පැවසූ අමාත්‍යවරයා ඒ අනුව විදුලි බිල ඉහළ දැමීම සඳහා ඉල්ලීමක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බවද සඳහන් කළා.
එමෙන්ම එළැඹෙන වසරේ මුල් මාස 3 සඳහා විදුලි ජනනය අඛණ්ඩ සම්පාදනය කිරීමටද මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද පැවසූ අමාත්‍යවරයා ඒ සම්බන්ධව මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග බලශක්ති අමාත්‍යාංශය විසින් ගෙන ඇති බවත් කියා සිටියා.