2026 වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.2ක ධනාත්මක වර්ධනයක් වාර්තා කර තිබෙනවා.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම ජාතික ගිණුම් ඇස්තමේන්තුවලට අනුව, අප්‍රේල් 1 සිට ජූනි 30 දක්වා කාලය තුළ මෙම ආර්ථික වර්ධනය සටහන් වනවා.
2026 වසරේ පළමු කාර්තුවේදී සියයට 5.1ක ආර්ථික වර්ධනයක් වාර්තා වී තිබූ අතර, ඒ අනුව දෙවන කාර්තුවේදී ආර්ථික වර්ධන වේගය සියයට 4.2ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
දෙවන කාර්තුවේදී කර්මාන්ත අංශය සියයට 7.3ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර ඇති අතර, සේවා අංශය සියයට 2.7කින් වර්ධනය වී තිබීම විශේෂත්වයක්.
කෙසේ වෙතත්, කෘෂිකාර්මික අංශයේ සියයට 2.3ක පසුබෑමක් වාර්තා වී තිබෙනවා.