දුම්රිය ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා.
ඒ ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය, දුම්රිය සේවක සංගමය, ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ක්‍රියාකරු එකමුතුව, දුම්රිය ආරක්ෂක නිලධාරින්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති 29ක් එක්වයි.
සේවක ගැටලුවලට විසඳුම් ලබානොදී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අත්තනෝමතික ලෙස ක්‍රියා කරන බැවින් ඔහු වහාම ඉවත් කරන්නැයි ඉල්ලමින් වෘත්තිය ක්‍රියාමාර්ගය දියත් කෙරුණා.
ඒ හේතුවෙන් අද උදෑසන දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් සිදුනොවූවද මගීන් පැවසුවේ දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වුණා
වර්ජනය හේතුවෙන් බොහෝ දුම්රිය ස්ථානවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදු නොවූ අතර, වර්ජනයක් දියත් කළද අද (17) සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවන ආකාරය දක්නට ලැබුණා.