/
/
title icon
ලබන අයවැයෙන් බදු අඩුකර ජනතාවට සහන - ජනපති අනුර
ලබන අයවැයෙන් බදු අඩුකර ජනතාවට සහන - ජනපති අනුර
News Editor
7 hours ago
Share:
ලබන අයවැයෙන් බදු අඩුකර ජනතාවට සහන - ජනපති අනුර

එළැඹෙන අයවැය මගින් දැනට පවතින ඇතැම් බදුවල බර අඩු කරමින් ජනතාවට බදු සහන ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අකුරැස්සේ පැවැති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එමෙන්ම ඉදිරි අයවැයෙන් ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 2,000ක මුදලක් වෙන් කිරීමට කටයුතු යොදා ඇති බව ද හෙතෙම අනාවරණය කළා. 

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ වසරක් තුළ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වෙන් කරනු ලබන ඉහළම මුදල බවත් පැවසුවා.

මෙලෙස වෙන් කෙරෙන මුදල් යොදවා ගනිමින් මාර්ග, පාලම්, විදුලිය ඇතුළු රටට අත්‍යවශ්‍ය සියලු යටිතල පහසුකම් විධිමත්ව ගොඩනැගීමට ඉදිරි වසරේදී කටයුතු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required