/
/
title icon
22ට ජනමත විචාරණයක් නැහැ
22ට ජනමත විචාරණයක් නැහැ
News Editor
56 minutes ago
Share:
22ට ජනමත විචාරණයක් නැහැ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත්, එය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී ඇතැයි කථානායකවරයා අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශයට පත්කරමින් කථානයකවරයා මේ බව කියා සිටියා.

උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන මෙම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් අගෝස්තු 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

අනතුරුව එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින්, පාර්ශ්ව රැසක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව ගොනු කෙරුණු සමස්ත පෙත්සම් සංඛ්‍යාව 67ක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required