/
/
title icon
නාමල් 30 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
නාමල් 30 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
News Editor
6 hours ago
Share:
නාමල් 30 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශයකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එළැඹෙන 30 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද (23)  ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණා.

නමුත් ඊට අදාළ කරුණු කිහිපයක් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය බවත්, ඒ අනුව අදාළ කරුණු ලබන 30 වැනිදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා.

ඉන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත්කරන බව මහෙස්ත්‍රාත්වරයා සඳහන් කරනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required