/
/
title icon
ඉන්ධන මිල වැඩිවෙයිද ? සහනාධාරයක් ලැබෙයිද ?
ඉන්ධන මිල වැඩිවෙයිද ? සහනාධාරයක් ලැබෙයිද ?
News Editor
7 hours ago
Share:
ඉන්ධන මිල වැඩිවෙයිද ? සහනාධාරයක් ලැබෙයිද ?

ඉදිරියේදී ඉන්ධන මිල සම්බන්ධයෙන් සහනාධාරයක් ලබාදීම හෝ මිල සංශෝධනයක් සිදුකිරීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, පසුගිය දිනවල අනෙකුත් ඉන්ධන වෙළෙඳ සමාගම් විසින් ඉන්ධන නිකුත් කිරීම අඩු කිරීම හේතුවෙන් ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් දක්නට ලැබුණු බවයි.

මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ සියලුම ඉන්ධන සමාගම් කැඳවා සාකච්ඡාවක් පැවැත්වූ බවද සභාපතිවරයා සඳහන් කළා.

එහිදී එම සමාගම් තමන්ට සිදුවන පාඩු පිළිබඳව රජයට දැනුම් දී ඇති බව ඔහු පැවසුවා.

ඒ අනුව RM Parks සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 173ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 38.75ක පාඩුවක් පෙන්වා ඇති අතර, Sinopec සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 192ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 67ක පාඩුවක් පෙන්වා තිබෙනවා.

IOC සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 136ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 57ක පාඩුවක් සිදුවන බව පෙන්වා දී ඇති බවද සභාපතිවරයා සඳහන් කළා.

ඔහු පෙන්වා දෙන්නේ, රජයට ජාතික වගකීමක් පැවරී තිබුණද, අනෙකුත් සමාගම් ව්‍යාපාරික අරමුණින් කටයුතු කරන බැවින් පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැති බවයි.

එම සමාගම් සමඟ අත්සන් කර ඇති ගිවිසුම් අනුව, නියමිත මිලට ඉන්ධන අලෙවි කිරීමේදී පාඩුවක් සිදුවන්නේ නම්, එම පාඩුව රජය විසින් පියවිය යුතු බවට ප්‍රතිපාදන පවතින බවද ඩී. ජේ. රාජකරුණා මහතා පැවසුවා.

ඒ අනුව, එම සමාගම්වලට පාඩුවක් නොවන පරිදි ඔවුන්ට ඉන්ධන අලෙවි කිරීමට ඉඩ ලබාදීම හෝ රජය මැදිහත්වී සහනාධාරයක් ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required