/
/
title icon
22 වැනි සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මතයි
22 වැනි සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මතයි
News Editor
1 hour ago
Share:
22 වැනි සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මතයි

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුනෙන් දෙකක ඡන්දයෙන් අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

එහිදී ඊට පක්ෂව ඡන්ද 158 ක් සහ විපක්ෂව ඡන්ද 63ක් ලැබුණා.

විපක්ෂය ඇතුළු සිවිල් සංවිධානවල විරෝධය මැද මෙය සම්මත කර ගැනීමට සිදුවුණා.

මෙම පනත් කෙටුම්පතේ ඇති කරුණු අභියෝග කරමින් පෙත්සම් රැසක් සහ ඊට සහාය පළකරමින් අතරමැදි පෙත්සම් ඇතුළුව පෙත්සම් රැසක් ඉදිරිපත් වුණා.

මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය පසුගිය 22වන අඟහරුවාදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණා.

ඒ අනුව එම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය ඊයේ සහ අද පැවැත්වුණා

22 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට අදාළ ඡන්දය විමසීම අද රාත්‍රී 07.15ට පමණ සිදුකෙරුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required