ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල ගණන් අනුව ඉදිරි මාස 3 සඳහා රජය විසින් ඉන්ධන සහනාධාරයක් ලබා දීමට පියවර ගත් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඉහළ යන මිල ගණන් හමුවේ තවත් රුපියල් බිලියන 41ක සහනාධාරයක් භාණ්ඩාගාරයෙන් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි.
ඉන්ධන මිල ගණන් ගණනය කිරීමේදී වැඩි ප්‍රමාණයක් රජය විසින් සහනාධාර ලෙස ලබා දෙන බවත් පැවසූ අමාත්‍යවරයා ඉදිරි මාස තුන සඳහාම මෙම සහානාධාරය ලබා දීමට පියවර ගත් බවද මෙහිදී පැවසුවා.