එයාර්බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ අනුව සැකකාර නාමල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරිමටයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා කටයුතු කරනු ලැබුවේ.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කරනු ලැබූ අතර ඒ පිළිබඳ ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් නියෝග කෙරුණා.
ඊට අමතරව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් සැකකරු වෙත මහේස්ත්‍රාත්වරයා විසින් තවත් ඇප කොන්දේසියක් පනවනු ලැබුවා.
කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මහතා එයාර්බස් ගණුදෙනුවට අදාළ තවත් නඩුවකට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ් අනුව ඔහු එම නඩුවට අදාළව ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය ඊයේ නියෝග කළා.
මීට අමතරව ක්‍රිෂ් ගණුදෙනුවට අදාළවද නාමල් රාජපක්ෂ මහතා ඔක්තෝබර් 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.