/
/
title icon
තෙල් මිල යළිත් ඉහළට
තෙල් මිල යළිත් ඉහළට
News Editor
3 hours ago
Share:
තෙල් මිල යළිත් ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 414ක්.

කෙසේ නමුත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල සංශෝධයක් සිදුනොවන අතර, එය රුපියල් 475ක් වූ පැවති මිල යටතේම අලෙවි කළ හැකියි.

කෙසේ නමුත් සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව රුපියල් 478ක්ව පැවති මිල, රුපියල් 528ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

එමෙන්ම රුපියල් 382ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිලද රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 392ක් වනවා.

මේ අතර රුපියල් 285ක්ව පැවති භූමිතෙල් මිලද ඉහළ දැමීමක් සිදුකර නැහැ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required