මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 3,684ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසනවා.
මුදල් අමාත්‍යාංශය විසින් ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා වූ කාලය සඳහා නිකුත් කර ඇති වාර්තාවක මේ බව සඳහන් වී ඇති අතර එමගින් පෙන්වා දී ඇත්තේ 2025 එම කාලය තුළ වාර්තා වූ රුපියල් බිලියන 3,068ට සාපේක්ෂව එය 20%ක වර්ධනයක් වන බවයි.
එම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ 2026 වසර සඳහා රජයේ සමස්ත බදු ආදායම් වාර්ෂිකව රුපියල් බිලියන 4,910ක් වන අතර පළමු මාස 8 අවසන් වන විට එයින් 75%ක් රැස්කරගෙන ඇති බවයි.
ඒ අනුව මෙම වසරේ පළමු මාස 8 තුළ රජයේ සමස්ත ආදායම සහ ප්‍රධාන රුපියල් බිලියන 4,002.3ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එයින් විශාලතම ආදායම බදු ආදායමින් සමන්විත වන බවද අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.
වාර්තාව මගින් පෙන්වා දී ඇති ආකාරය අනුව රජයේ ආදායමින් 92%ක් බදු ආදායමින් සහ 8%ක් බදු නොවන ආදායමින් ලැබී ඇතැයි සඳහන්.
බදු ආදායමේ සංයුතිය සැලකීමේදී භාණ්ඩ හා සේවා මත අයකරන බදු විශාලතම බදු ආදායම ලෙස පෙන්වා දී ඇති අතර එය සමස්ත ආදායමින් 59%ක් නියෝජනය කරන අතර ඒ තුළ ආදායම් බදු 21%ක් සහ විදේශීය වෙළඳාම මත අය කරන බදු 12%ක් ලෙසද වාර්තා වී තිබෙනවා.